පසුගිය දිනයක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියට පැමිණි තරුණයෙක් අපූරු කතාවක් කරනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි වන්දනාකරුවන් ද රැසක් ම ඉදිරිපිටයි.
2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස දෙනොදහක් ජනතාව හමුවේ කරනු ලැබූ විස්මිත ප්රාතිහාර්ය නිසයි. එදින සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වනු පිණිස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන්ගේ දෑස් ඉදිරියේ ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිදුකරනු ලැබුවේ මහා විශ්මිත දෙයක්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය විසිතුන් වතාවක් දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය තුල ජීවමාන වෙමින්, දර්ශණ දේව මන්දීරය තුල ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය නොකඩවා පැය ගණනාවක් එතුමිය පතුරණු ලැබුවේ, ඒ මිහිරි සුඝන්ධයේ ආශ්වාදය සියළුම සැදැහැවතුන්ට දැනගැනීමට සලස්වමිනුයි. දර්ශණ දේව මන්දීරය තුල පමණක් නොව සිද්ධස්ථාන භූමියට ද, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ද පැතිරී ගිය මෙම ප්රාතිහාර්යාත්මක පිච්ච මල් සුඝන්ධය එයින් ද නොනැවතී, සිද්ධස්ථානය ඉදිරිපිට මහා මාර්ගය දෙපසටම ද, මීටර් සියයක් පමණ දුරක් දක්වා පැතිරීම සුවිශේෂ සිදුවීමක්.
මෙතරම් අසිරිමත් ප්රාතිහාර්යයක් සිදු කරනු ලැබූ නිර්මල කන්‍ය මරිය මාතාවන් වන කටුනායක අප ස්වාමිදූට තුති පුද කිරීම සදහා මෙම ජපමාල උච්චාරණය සිදු කරනු ලැබූ අතර, විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය මාතාවන් දැක ගැනීමේ දුර්ලභ, සුවිශේෂී වාසනාව හිමිකර ගත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් ජපමාල උච්චාරණය සිදු වුනා. එය සැදැහැවතුන්ට ඉතාමත් ප්‍රීතියට කරුණක් වූ අතර, ජූලි 27 වෙනි දින පිච්ච මල් සුඝන්ධය විහිදී පැතිරුණ දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාල උච්චාරණය සිදු වුනා.
ජපමාලය උච්චාරණය කරනු ලැබීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය දේශණය පවත්වනු ලැබූ අතර දේශණය අවසානයේ උන්වහන්සේ ඉදිරියට පැමිණියේ ජාඇල, ප්‍රවීන් ශානක පෙරේරා තරුණයායි. සිවිල් ඉංජිනේරුවරයෙක් වන ඔහු සමාජශීලී තරුණයෙක්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සහ රැස්ව සිටි ජනතාව ඉදිරියේ ඔහු කල කතාව මුළු සමාජයටම ලොකු පාඩමක්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට විරුද්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලැබූ විවිධ ක්‍රියාවන් ඔහු හෙලි කරනු ලැබුවේ දැඩි සංවේගයකින්.
දැනට අවුරුදු දෙකකට පෙර, දිගු කාලයක් පුරා ප්‍රවීන් ශානක මහතා විවිධ අසත්‍ය කතා පතුරවමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරනු ලැබූ බවත්, ඇත්තටම ඒ සදහා කිසියම් පිරිසක් ඔහුව පොළඹවනු ලැබූ බවත් ප්‍රකාශ කරනු ලැබුවා.
අද සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතය කිරීම පිලිබද පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කල ප්‍රවීන් ශානක මහතා මේ නිසා කිසිදු සාක්ෂියක් නොමැතිව ඉතාමත් ගුණවත් සුසිල්වත් පුද්ගලයන්ට නින්දා අපහාස කිරීමටත්, සත්‍ය කතාව වසන්කර මුළුමනින්ම සම්පූර්ණ අසත්‍ය කතාවක් සමාජ ගත කිරීමට කුහක මිනිසුන්ට හොද ඉඩකඩක් විවර වී ඇති බවත් කියා සිටියා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ආසියාකරයේ රටක ජීවත්වන මිනිසුන්ට මේ ලැබී ඇති ඉඩකඩ ඉතාමත් අනතුරු දායක බවත්, තමාද මෙම ක්‍රියාව සිදු කරනු ලැබූ කුහක පුද්ගයකු බවත් ප්‍රසිද්ධියේම කියා සිටියා.
රැස්ව සිටි ජනතාව තුෂ්නිම්භූතව මේ ප්‍රවීන් ශානක පෙරේරා තරුණ මහතාගේ කතාවට සවන් දෙමින් සිටින අයුරු දැකගැනීමට ලැබුන අතර, තව දුරටත් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කරණු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරිපිටදීමයි.
සෑම ගුණ යහපත් මනුෂ්‍යයෙකුට ම නින්දා අපහාස කිරීමට අද බොහෝ දෙනෙක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මමත් ඒ ටික කලා. සෑම ගුණ යහපත් මනුෂ්‍යයෙකුටම මම එසේ කලේ නැහැ. එකම එක ගුණ යහපත් මනුෂ්‍යයෙකුට මම ඒ ටික කලා. ඒ ගුණ යහපත් මනුෂ්‍යයා දැන් අප ඉදිරියේම ඉන්නවා. ඒ, මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමයි. මම ඒ සියල්ලක් කලේ උන්වහන්සේට අපහාස කිරීමේ චේතනාවෙන්මයි. සත්‍ය දැනගෙන නොවෙයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මම උන්වහන්සේව පතුරු ගැසුවා. මම මොනවද නොකිව්වේ. මගේ පෝස්ට් දැකලා මිනිස්සු හිනා වෙද්දී මට දැනුනේ ලොකු සතුටක්. සාමාන්‍යයෙන් මිනිස්සු පහත් රසයට, කුණු රසයට කැමතියි. ඒ නිසා මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සෑම යහපත් ක්‍රියාවක්ම කණපිට පෙරලලා මම ෆේස්බුක් හරහා ප්‍රචාරය කලා. එදා ජේසුස් ස්වාමින්වහන්සේට, උන්වහන්සේගේ විරුද්ධවාදීන් කල සියළුම ආකාරයේ අපහාසයන්, අද මා විසින් මේ අපොස්තුළුතුමන්ට එල්ල කරනු ලැබුවා. මරියමෑණියන් 23 වතාවක් දර්ශණය වුණ, ක්‍රිස්තුස්වහන්සේ දර්ශණය වී උන්වහන්සේගේ 14 වන අපොස්තුළුතුමන් ලොවට තෝරාදුන් ස්ථානයේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉස්සරහම මගේ පාපය මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නට මට අවස්ථාවක් ලැබීම ගැන සතුටුයි. නමුත් මම කලේ ලොකු පාපයක්. මොකද මේක එසේ මෙසේ පාපයක් නෙමේ. අපොස්තුළුතුමෙකුට අපහාස කරනවා කියන්නේ සමාව ගන්න පුලුවන් පාපයක් නෙමේ. නමුත් මගේ හදවත මට බලකලා මා කල පාපය ප්‍රසිද්ධියේ ම පිලිගන්න කියලා. ඒ නිසයි මම මෙහෙම ඉදිරියට ආවෙ. මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට ආදරය කරන විශාල පිරිසක් දැන් මෙතන ඉන්නවා. මේ අපොස්තුළුතුමන්ට නින්දා කරමින් මම ෆේස්බුක් හරහා පලකල අපහාස පෝස්ට්, විකුර්ති කර පලකල මේ අපොස්තුළුතුමන්ගේ ඡායාරූප ඔයගොල්ලෝත් දකින්න ඇති. කලබල නැතුව මගේ කතාව අසන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒවා මම තනියමම කරපු දේවල් නෙමෙයි. තවත් කීප දෙනෙක්ම එකතුවයි ඒ දේවල් කෙරුවේ. මේ සදහා අපව මෙහෙයවපු, මෙහෙම ලියපල්ලා, මෙහෙම දාපල්ලා, මේ විදිහට පිංතූර හදපල්ලා කියපු පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ඔවුන් ගැන මට ලැජ්ජයි. ඔවුන් ඉතාමත් හොද මිනිසුන් විදිහට, සමාජයට මග පෙන්වන මිනිසුන් විදිහට පෙනී සිටින පුද්ගලයෝයි.
සමාජ මාධ්‍යයෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන්ටත් කටුනායක අප ස්වාමිදූගේ මේ සිද්ධස්ථානයටත් මම අපහාස කරා. ඒ පාපයට මාත් හවුල්කාරයෙක් වුණා. මම මේ හැම දෙයක්ම කියන්නේ මගේ හිතේ මං ගැනම තියෙන වෛරය, දුක ටිකක් හරි අඩු කරගන්න හිතාගෙන. මේ පාපයට මොකක්හරි භවයක දෙවියන්ගෙන් දඩුවම් ලබන්න වෙනවා කියල දැනගනයි මං ජීවත් වෙන්නේ. මාගේ නින්දිත අපහාසයන්ට ලක් වූ මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව මම මුල් වරට දැක්ක දවස මට තාමත් මතකයි.
මේ අවස්ථාවේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බලමහිමය පිලිබද විස්තර කරමින් තරමක් හැගීම්බරවූ ප්‍රවීන් ශානක තරුණයා දෑසේ කදුළු සිර කර තබාගැනීමට වෙර දැරුවත් එම උත්සහය අසාර්ථක වුනා. ඔහු කදුළු සලමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණින් වැටී, උන්වහන්සේගේ දෙපා සිපගත්තේ සියළු දෙනාගේම දෑස් කදුලින් තෙත් කරවමින්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද ඔහුගේ හිස පිරිමදිනු ලැබුවේ සැබෑම පීතෘක සෙනෙහසින් යුතුවයි.
සිවිල් ඉංජිනේරු ප්‍රවීන් ශානක තරුණ මහතා නැවතත් මයික්‍රෆෝනය රැගෙන කතා කරන්න පටන් ගත්තා. ඔහු මෙලෙසින් ප්‍රකාශ කලා.
මම මෙච්චර උන්වහන්සේට අපහාස කරලත් උන්වහන්සේ මට ආදරයෙන් කතා කරනකොට, මම අසරණ වෙන හැම වෙලාවකම මට පිහිට වෙනකොට, මට හිතෙනවා උන්වහන්සේ මට අනිත් බැතිමතුන්ටත් වඩා ආදරෙයි කියලා. මෙතන ඉන්න කවුරුත් දන්නේ නෑ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මට ගොඩාක් පිහිට වුණා, මම හොදටම අසරණ වෙලා ඉන්න වෙලාවක. ඒ පිහිට මට විතරක් නෙමේ, මගේ පවුලටම බලපානවා. මෙච්චර උන්වහන්සේට අපහාස කරපු පව්කාරයෙකුට කොහොමද උන්වහන්සේ මෙච්චර ආදරය කරන්නේ. මට හිතාගන්නවත් බෑ. මම කිසිම සාක්ෂියක් නැතුව මිනිස්සුන්ගේ බොරු කටකථා අහලා අපහාස කරපු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මට පිහිට වෙනකොට, මට මං ගැනම ලැජ්ජයි.
සත්‍ය තතු විකෘති කරමින් ෆේස්බුක් පෝස්ට් සෑදීමට ප්‍රවීන් ශානක මහතා කරුණු සොයාගත් ආකාරය ද මෙහි දී හෙළි කරනු ලැබුවේ සියල්ලන් මවිතයට පත් කරවමින්. එම තොරතුරු අනික් අයට ද සපයා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට විවිධ අපහාසයන් එල්ල කිරීමට ඔහු පියවර ගනු ලැබූ අයුරු ද හෙළි කරනු ලැබුවා.
ප්‍රවීන් ශානක මහතා සමග ඔහුගේ පිරිස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට විරුද්ධව නිරපරාදේ චෝදනා එල්ල කිරීම සඳහාත්, මුළුමනින්ම විකෘති කිරීම සදහා සත්‍ය කරුණු සොයාගෙන ඇත්තේත්, අවුරුදු 15ක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන්ටම පමණක් ස්ව කැමැත්තෙන්ම සහභාගිවන, උන්වහන්සේගේ ධර්ම දේශනයන්ට පමණක් සවන් දෙමින් තම ජීවිතය හැඩගස්වා ගනිමින් සිටින සිය වැඩිමහල් සහෝදරයාගේ කතාවන්ට සවන් දීමෙන් බව ප්‍රවීන් ශානක මහතා කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහුට සවන් දෙමින් සිටි සිය වැඩිමහල් සහෝදරයාව ද මවිත කරමිනුයි. වසර 15ක සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන තම සහෝදරයා සිද්ධස්ථානය පිලිබදව නිවසේදී කියනු ලබන විස්තර අසාගෙන සිට ඒවා සමච්චලයට හරවා සමාජයේ කටකතා ඇතිවන පරිදි රහසේම විකෘති කර ෆේස්බුක් හරහා සමාජ ගත කල බවත්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට සහ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට අපහාස කිරීම සදහා කල්ලිගැසී සිටි පුද්ගලයන්ට ලබාදුන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. තව දුරටත් ප්‍රවීන් ශානක මහතා කියා සිටියේ එම අතිතයේදී තමන් විසින් මුලා කරනු ලැබූ මිනිසුන් පිලිබදව තවමත් ඔහු පසුතැවෙන බවත් එම පුද්ගලයන්ට සත්‍ය පවසන්නේ කෙසේද කියා ඔහුට දුක්බර ප්‍රශ්ණාර්තයක් ඇති බවත්ය.
ඉතා දීර්ඝව තමා කල නොහොබිනා ක්‍රියාව විස්තර කරමින් ප්‍රවීන් ශානක මහතා තවත් අපූරු සිද්ධියක් හෙලි කරනු ලැබුවා. ඒ විවාහයෙන් පසුව අවුරුදු ගණනාවක් ගතවීත් දරු ඵල අහිමිව සිටි කාන්තාවක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සතිපතා සෙනසුරාදා සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වීමෙන් පිහිට ලබා කුඩා දරුවකුගේ අම්මා කෙනෙකු වූ බවත්, නමුත් පිහිට ලැබූ මේ කාන්තාවගේ මව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබදව අසත්‍ය කතාවක් ඇතුලත් පෝස්ට් එකක් දැක, පිහිට ලැබූ කුඩා දරුවාගේ මව වූ සිය දියණියට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට නොයන ලෙස බලකර ඇයගේ ගමන නවතනු ලැබූ බවත්ය. එහෙත් කණගාටුවට කරුණ වන්නේ එම අසත්‍ය ෆේස්බුක් පෝස්ට්එක නිර්මාණය කරනු ලැබුවේ ප්‍රවීන් ශානක මහතා විසින්ම බවත් කියා සිටියා. මේ තමා දන්න පිරිසක් බවත් පැවසූ ඔහු, තව නොදන්නා කොතරම් දෙනෙක් තමාගේ මඩ ප්‍රචාරය විශ්වාස කර නොමග යන්නට ඇතිදැයි කල්පනා කරන විට, ස්ථීර ලෙසම කවදාක හෝ මේ කල අපරාධයට තමාට දඩුවම් විදින්නට සිදුවන බවත් කියා සිටි අතර, කෙසේ වෙතත් තමන් ලැබූ පිහිට අමතක කල ඒ කාන්තාවගේ කුහක ගතියට ඇය ද විපාකය අත්කර ගන්නා බව ද කියා සිටියා.
වැඩි දුරටත් තම වේදනාබර හඩ අවදි කරවමින් ප්‍රවීන් ශානක මහතා මෙලෙසින් ද පවසනු ලැබුවා. මම මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට නොසෑහෙන්න අපහාස කලා, නින්දා කලා. නමුත් අවුරුදු 15ක සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බැතිමතෙකු බවට පත්වී සිටින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට සතියේ දිනවලත් රැයක් දවාලක් නොබලා යන මගේ වැඩිමහල් සහෝදරයා ගෙදර ඇවිත් අන්අය සමග කියන මහා පුදුමාකාර කතා ගැන ඇත්ත නැත්ත සොයා බැලිය යුතුයි කියලා මටම හිතුනා. මගේ සහෝදරයා මේ කියන දේවල් ඇත්ත නම්, මම කරන්නේ අපරාධයක් නේද කියලා මගේ හිත කිව්වා. ඒ නිසා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයාගෙන මම ආවා. එදා හරිම පුදුම දවසක්. එදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා බැතිමතුන් අතරට පැමිණ බැතිමතුන්ව ආශිර්වාද කලා. උන්වහන්සේ වෙතට යන දිගු පෝලිමට මමත් එකතු වුනා. මගේ අවස්ථාව ආවා. මම උන්වහන්සේ වෙත යත්දී ඈත තියාම උන්වහන්සේ සිනහ මුසු මුහුණින්, මා වෙත සිය දෝත් දිගු කලේ මා එනතුරු බලා සිටියා වගෙයි. මේ වෙලාවේ මට සිද්ධ වුනේ මහා පුදුම දෙයක්. සාවුල්ට ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූ අවස්ථාව වගෙයි. ක්‍රිස්තුස් වහන්සේට නින්දා කරමින් අපහාස කරමින්, ක්රිස්තියාණින්ව මරා දමමින් හිටපු සාවුල්ට ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වුනා. ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ දැක ගැනීමත් සමගම සාවුල් වෙනස් වුනා. සත්‍ය අවබෝධ වුනා. තම ජීවිතය විතරක් නෙමෙයි, නමත් වෙනස් කලා. සාවුල්, පාවුළු බවට පත් වුනා. මටත් වුනේ ඒ ටිකමයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුරේ සිට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිට දී ම, රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්‍රවීන් ශානක මහතා කියා සිටියේ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ගේ ජීවත කතාව නිරන්තරයෙන් ඔහුට සිහිපත් වන බවත්, ක්රිස්තියාණීන්ට වෛර කල පාවුළු අපොස්තුළුතුමන් ක්‍රිස්තුස්වහන්සේගේ හඩ ඇසූ මොහොතේ පටන් තමන්ගේ මුළු අධ්යාත්මයම කණපිට පෙරළුන බවත් ය.
තමන් විසින්ම සත්‍ය සොයාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණීම, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව සමුවීම තම අධ්‍යාත්මයේ හැරවුම් ලක්ශ්යක් වූ බවයි ප්‍රවීන් ශානක පෙරේරා මහතා අවසාන වශයෙන් සදහන් කරනු ලැබුවේ.